Wednesday, January 22, 2025

වෛද්‍ය නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිතයක්

Must read

ශල්‍යකර්මයක් සිදුකල වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා තරුණ ජීවිතයක් අහිමි වීමේ අවාස⁣නාවන්ත පුවතක් ප්‍රධානපෙලේ පුද්ගලික රෝහලකින් වාර්තා වී ඇත.

මෙසේ අවාසනාවන්ත සිය ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුව ඇත්තේ ජාඇල,දෑලතුර ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ “Dufry ” හි සේවය කල හර්ෂණී ධර්මවික්‍රම හටය.

සිය පිත්තාශයේ හටගත් රෝගී තත්වයකට ප්‍රතිකාරයක් වශයෙන් ශල්‍යකර්මයක් සිදුකිරීම සඳහා ඇය ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ඇත. පිත්තාශයේ සිදුකල ඇයගේ සැත්කම අතරතුරදී ඇයගේ අගන්‍යාශයට හානි සිදුව ඇති අතර ශල්‍යකර්මයට පසුදින අසාද්‍යතත්වයෙන් ඇය ජාතික රෝහලට ඇතුලත් කර ඇත. එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. වාර්තා වන ආකාරයට මරණයට හේතු වී ඇත්තේ ශල්‍යකර්මය අතරතුරදී අගන්‍යාශයට හානිසිදුවීම හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයයි.

එසේනම් හර්ෂණී සිය ජීවිතයෙන් වන්දිගෙවා ඇත්තේ අදාල පුද්ගලික රෝහලේ හා අදාල වෛද්‍යවරයාගේ නොසැලකිල්ලටය. මෙම සැත්කම සිදුකල වෛද්‍යවරයාගේ මෙවැනි මාරාන්තික නොසැලකිලිමත්භාවය නිසා සිදුවූ මෙවැනි තවත් සිදුවීම් පිලිබදවද වෛද්‍යවරුන් අතරම කසුකුසුවක් පවතින බවද අප කල විමසීම් වලදී දැනගන්නට හැකි විය. තත්වය එසේනම් මෙවැනි වෘත්තීමය නිපුනතාවයක් නොමැති වෛද්‍යවරුන් සේවයේ යෙදවීමට මෙම පුද්ගලික රෝහල ක්‍රියාකාරන්නේ ඇයි? අහිමිවූ හර්ෂණීගේ වටිනා ජීවිතයට සාධාරණයක් ඉටුකිරීමට මෙම  වෛද්‍යවරයාටවත් රෝහලටවත් නොහැකි නමුත් මෙවැනි මාරාන්තික අතපසුවීම් වලට රෝහල හා වෛද්‍යවරයාගේ පිලිතුර කුමක්ද? මේ සදහා නීතිය ක්‍රියාක්මක වන්නේ කෙසේද?   නීතිය ක්‍රියාක්මක කරන්නේ කවුද??

ජිවිත බේරා ගැනිම සදහා බොහෝ අවස්ථාවල විශ්වකර්මයන් සේ සිය වෛද්‍ය නිපුණතාවය යොදවන වෛද්‍යවරුන් ගැන ලංකාවේදි අප නිතර අසන අතරේ මෙවන් මරාන්තික නොසැලකිලිමත් ගැනද දැන් වාර්තා වෙමින් තිබේ.අරුමය වන්නේ මෙවන් වෛද්‍ය නොසැලකිල්ලක් යළිත් සිදුනොවන්නට වග බලාගත යුත්තේ කෙසේද යන්න පිළිබදව විමර්ශනයක් කිරිමට වෛද්‍ය ක්ෂේත්‍රය තුල වැඩපිලිවෙලක් නොමැති කමය.
කළ යුත්තේ අදාල වැරැද්ද සිදු කළ වෛද්‍යවරයා බේරාගැනිමට කටයුතු කිරිම නොව මෙවන් මාරාන්තික වැරදි සිදුනොවන ආකාරයේ වෘත්ති ක්‍රියාමාර්ග ගැනිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article