ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව එතුමා විසින් දැනට භාවිතා කරනු ලබන කොළඹ 07,මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට කැබිනට් අනුමැතිය ඊයේ (15) හිමිවිය. ඒ මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමත් සමගය.
එමෙන්ම විශ්‍රමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප්‍රසාදවලට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමට මෙලෙස අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.