Friday, November 22, 2024

විවාහ මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම ප්‍රමාණය 100යි

Must read

විවාහ මංගල්‍ය උත්සවයක් සදහා සහභාගී විය හැකිඋපරිම  පිරිස 100ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහිදී  විශේෂයෙන් උත්සව ශාලාවේ අසුන්ගතහැකි ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයකට පමණක් උත්සව සදහා සහභාගී වීමට අවසර හිමිවේ.

විවාහ උත්සවයකට සහභාගී විය හැකි ප්‍රමාණය සීමා කිරීම මගින් යම් ආසාදිත පුද්ගලයෙකු එම උත්සවයෙන් වර්ථා වන්නේ නම් ඔහු සම්බන්ද තොරතුරු හා ඔහුට සම්බන්ද අනෙක් පුද්ගලයන් හදුනාගැනීමට පහසු බැවින් විවාහ උත්සව සදහා සහභාගී වන පිරිස හැකිතාක් අවම කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

එමෙන්ම සහභාගී වන අමුත්තන් මීටරයක පරතරයේ සහිතව සිටිය යුතු බවත් මනාල යුවලද ඇතුලුව සියල්ලන් මුහුණු ආවරණ පැලදිය යුතු බවත්, සිප වැළදගැනීම් සිදුනොකිරීමට වගබලාගත යුතු බවත්,සමූශ ඡායාරූප ගැනීම නොකල යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article