Friday, December 27, 2024

“විල්මලා” ගොඩ දමා පාරිභෝගිකයා අමාරුවේ දැමු සීනි බද්ද…

Must read

නොවැම්බර් පළමු වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ සීනි බදු වැඩි කිරීමේ ගැසට් නියෝගයෙන් මෙරට සීනි බදු වංචාවේ කුප්‍රකට සමාගමක් වන පිරමීඩ් විල්මා සමාගමට මෙරවත් සීනි බදුවලින් අයුතු ආදායමක් උපයා ගැනීමට ඉවහල් වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ

ඉන් දින දෙකකට පසුව මෙම බදු මිල වැඩි කිරීමත් සමඟ සීනි තොග මිල රුපියල් 265 සිට රුපියල් 325 පමණ දක්වා ඉහළ යන බව වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා. මේ අනුව මෙම සීනි තොගයෙන් අවම වශයෙන් රුපියල් කෝටි පහකට අධික අමතර ලාභයක් මෙම සමාගමට ලැබෙන බව දැනට ගණන කිරීමෙන් අනාවරණය වන බවයි කියන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාල සීනි බුදු වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එනම් 2023.10.30 දිනැතිව M/V “Vira Bhum” (විරා භූම්) නමැති නැවෙන් පිරමීඩ් විල්මා සමාගම සීනි මෙට්‍රික් ටොන් 520ක් මෙරටට ආනයනය කර තිබෙන බවයි අනාවරණය වෙන්නේ. ඒ වෙනුවෙන් ඔහු රේගුවට ගෙවා ඇත්තේ සීනි කිලෝ එකක් ශත 25 බැගින් රුපියල් 130,000ක බදු මුදලක් පමණක් බවද දැනටමත් රටට හෙළි වි හමාරය.

මීට පෙර ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරිපත්වී කෙටි කාලයකට පසු එතෙක් රුපියල් 50කට පැවති සීනි ආනයන බද්ද ශත 25 දක්වා පහත හෙලන ලැබුවද , එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදුන්නේ නැත.

ඒ අනුව 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි ව ගොස් තිබුනි.

කෙසේ වෙතත් පිටකොටුව කෙසේ වෙතත් ඊයේ සතොස රත්මලාන සීනි මිල මේ රජයේ ආයතනය නේද ? සතොස ගබඩා වල සීනි ඇටයක් නැද්ද ? කොහොමද මෙහෙම වුනේ ගෞරවනීය මාධ්‍ය අවධානයට යොමු කරන බව පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් ප්‍රශ්ණ කර තිබේ.

ඔහු අවධාරණය කරන්නේ පිටකොටුවේ කෙසේ වෙතත් සතොස වැනි රාජ්‍ය ආයතන පවා දැන් පාරිභෝගිකයා ගසාකෑමේ නිරතව සිටින අයුරු ගැනය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article