Saturday, September 21, 2024

විල්පත්තු රක්ෂිත වනාන්තරයේ වූ කතෝලික පල්ලියට පරිසරවේදීන්ගෙන් චෝදනා.

Must read

විල්පත්තු රක්ෂිත වනාන්තර ප්‍රදේශය තුල පිහිටා ඇති  පල්ලෙකන්දාල් කතෝලික දේවස්ථානය මූලික කරගනිමින් පරිසරවේදීන් එල්ල කරන චෝදනාවන් නිසා මේ වන විට එම දේවස්ථානය දැඩි අවධානමට ලක්වී තිබෙනවා. පරිසරවේදීන් පවසන්නේ මෙම දේවස්ථානය මගින් විල්පත්තු රක්ෂිත වනාන්තරයේ වන සම්පත්වලට හානි කරමින් දේවස්ථානයට අයත් භූමි ප්‍රමාණය වැඩිකරගැනීමට කටයුතු කරන බවයි. මේ සම්බන්දයෙන් අදාල බලධාරීන් දැනුවත්කලත් මේ වන තෙක් කිසිදු පියවරක් ඒ සම්බන්දයෙන් ගෙන නැති බවත් ඔවුන් චෝදනා කරනවා.

1687 දී ඉන්දියානු මිෂනාරිවරුන් වශයෙන් ශු.ජෝෂප්වාස් පියතුමන් මෙරටට පැමිණි විට විල්පත්ත් පල්ලෙකන්දාල් ප්‍රදේශයේ කුඩා දේවස්ථානයක් ඉදි කර තිබෙනවා.1938 වසරේ විල්පත්තු වනාන්තරය රක්ෂිත වනානතරයක් බවට පත්කිරීමට පෙර සිටම මේ දේවස්ථානයට ආගමික මෙන්ම ඓතිහාසික වටිනාකමක්ද පවතිනවා. මේ වන විට මේ දේවස්ථානය භාරව කටයුතු කරන්නේ හලාවත රදගුරු වෙලන්ස් මෙන්ඩිස් පියතුමන් යටතේ වනාතවිල්ලුව ශා.ජූඩ් දේවස්ථානයේ පියතුමන් වන ප්‍රභාත් සංජය පියතුමයි.

පරිසරවේදීන්ගේ චෝදනාවන්ට අනුව මෙම දේවස්ථානය ආරම්භවන විට දේවස්ථානය සතුව පැවතියේ අක්කර කාලක පමණ භූමි ප්‍රමාණයක් පමණයි. නමුත් 2011 සිට විවධ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් හා වනාන්තරයට හානි කරමින් දේවස්ථානයට අයත් භූමි ප්‍රමාණය වැඩි කරගැනීමට කටයුතු කරන බවටයි පරිසරවේදීන්ගේ චෝදනාව වන්නේ.

පල්ලෙකන්දාල් දේවස්ථානයේ ගුවනින් ලබාගත් ඡායාරූපයක්.
පල්ලෙකන්දාල් දේවස්ථානයේ ගුවනින් ලබාගත් ඡායාරූපයක්.
පල්ලෙකන්දාල් දේවස්ථානය.
පල්ලෙකන්දාල් දේවස්ථානය.

 

http://www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article