Sunday, December 22, 2024

විල්පත්තුවේ වන ජීවී නිලධාරියෙකු කලාඔයට වැටී මියයයි

Must read


වන ජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව නියාමක වරයෙකු කලාඔයට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව වාර්තාවේ.

පසුගිය 15 වැනිදා සවස 2.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුරට පත්ව ඇති වන සත්ත්ව නියාමකවරයා කලාඔය ඉව්රේ සිට කිසියම් අයෙකු සමග දුරකනයෙන් කථා කරමින් සිට ඇත.එම අවස්ථාවේදී ඔහු එක්වරම කලාඔයට වැටී ඇත.වහාම ක්‍රියාත්මක වී ඇති වන ජීවී නිලධාරීන් මේ බව නාවුක හමුදාවට දැණුම් දී ඇත.අනතුරව නාවුක හමුදා නිලධාරීන් විසින් අඩි 10 ක් පමණ ගැඹුරේ ගිලී සිටි ව සත්ත්ව නියාමකවරයාව සෙයා ගෙන ඇත. ඒ වන විටත් ඔහු ජීවතුන් අතර සිට ඇත.එළුවන්කුලම පිහිටි විල්පත්තුව පිවිසුමේ සේවය කරමින් සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වන එච්.එම්.පී.ඒ.රත්නායක (අවු:33) නම් අයෙකි.හෙතෙම ගල්නෑව – උල්පතගම පදිංචිකරුවෙකි. අනතුරට පත්ව සිටි නිලධාරියාව ප්‍රතිකාර සදහා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් තිබී ඇත.

ජුඩ් සමන්ත.වන ජීවී නිලධාරියෙකු කලාඔයට වැටී මියයයිජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article