Friday, November 22, 2024

විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැසක් අතරමං කළ කතක් අත්අඩංගුවට

Must read

විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව මාතලේ, උකුවෙල, ඇල්වල, අංක 51/9 ලිපිනයේ “හෙර්ස් ජොබ්” නමින් පවත්වාගෙන ගිය ඒජන්සි ආයතනය නමින් රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර විදෙස් රැකියා ලබා දෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් රු.4,848,000.00 ක මුදලක් ලබාගෙන ඇති බව පරීක්ෂණ වලදී හෙලිවී ඇත.  මෙම කාන්තාව සතුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබී නොමැති අතර  වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 53ක්, රැකියා අයදුම්පත් 26ක්, මුදල් ලබාදුන් බවට සඳහන් රිසිට්පත් ඇතුළු තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article