මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිම ඉහළ ගොස් රෝගීන් වාර්තා වීම නැවත ඉහළ යාමේ ප්රවනතාවක් පවති. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රටපුරා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මේ මස 03, 04, 05 දිනයන්හි එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇති බව වාර්ථාවේ.
පාසල්, රාජ්‍ය ආයතන, ඉදිකිරීම් කලාප සහ පෞද්ගලික ස්ථාන මේ දින තුනේදී දැඩි පරීක්ෂාවට ලක් කරන අතර, අධි අවදානම් කලාප පරීක්ෂා කිරීමට නියමිත බව ද අමාත්‍යාංශය පවසයි.