Saturday, September 21, 2024

වැලි කොල්ලකරුවන්ගෙන් සම්පත් ආරක්ෂා කරන ලෙස ඉල්ලා මාන්තෙයි ග්‍රාම නිලධාරීන් උද්ඝෝෂණයේ

Must read

පසුගිය 03 වැනිදා මාන්තෙයි ප්‍රදේශයේ  අනවසර වැලි ගොඩදැමීමෙන් පසු එම මෙහෙයුම නතර කිරීමට ගිය මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අනවසර වැලි ගොඩදැමීමේ යෙදී සිටි පිරිසගෙන් බරපතළ තර්ජන එල්ල විය. මේ තත්ත්වය තුළ ඊයේ සඳුදා (13) පෙරවරුවේ මන්ති බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් සහ ග්‍රාම නිලධාරින් එකතු වී විරෝධතාවයක නිරත විය.

මෙම විරෝධතාවයේදී ඔවුන් ඉල්ා සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

‘විශේෂයෙන්ම මාන්තෙයි බටහිර ප්‍රදේශයේ ස්වභාවික සම්පත් දිගින් දිගටම විනාශ වෙමින් විනාශ වෙමින් පවතිනවා.රටේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම රජයේ නිලධාරීන්ගේ යුතුකමයි.ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට ජනතාව අප සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.’

රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ඉටු කිරීමේදී ගෞරවය ලබාදිය යුතු බවද ඔවුහු ඉල්ලා සිටියහ.

ඒස්.ආර්.ලැම්බට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article