Friday, September 20, 2024

වැලිකඩ බන්ධනාගාරයේ සියලු රැදවියන්ගේ PCR පරීක්ෂණ අවසන්

Must read

වැලිකඩ බන්ධානාගාරයේ රැදවියෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව ඊයේ (07) තහවුරු වීමත් සමග වැලිකඩ බන්ධානාගරයේ රැදවියන් 310කට පීසීආර් පරීක්ෂණ සිදුකල බවත් ඉන් 210 දෙනෙකුගේ ප්‍රතිඵල ලැබි ඇති අතර ඉන් කිසිවෙකුටත් වෛරසය අාසාදනය වී නොමැති බව තහවුරු වූ බව ද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙකු පුනානි හි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.එම රැඳවියන් යුද හමුදා අධීක්ෂණය යටතේ බන්ධනාගාර නිලධාරින් මඟින් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව හමුදාපතිවරයා සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් 07 දෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article