Wednesday, April 2, 2025

‘වැල්වැටිතුරෙයි: සමූල ඝාතනයේ ’ වාර්තාව එළිදැක්වෙයි

Must read

වැල්වැටිතුරෙයි: සමූල ඝාතනයේ  පාපොච්චාරණය’ වාර්තාව එළිදැක්වීම සහ මාධ්‍ය සාකච්ඡාවක් අද යාපනය 02 හිදී  වඩමාරච්චි මාධ්‍ය ආයතනයේදී පැවැත්විණි. ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉන්දීය හමුදාව විසින් යාපනයේදී සිදුකළ සමූලඝාතනවලින් විපතට පත් ජනතාව විසිනි.

විපතට පත්වූවන්ගේ ඥාතීන් විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී   ඝාතනය වූවන්ට ගෞරව දැක්වීම සදහා  මහජන ගිනිසිළුව දල්වා පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය ආරම්භ කරන ලදී.

වැල්වැටිතුරෙයි හිටපු පුරවැසි කමිටුවේ ලේකම් එන්.ආනන්දරාජ් විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කැදවුම්කරු , මානව හිමිකම් ක්‍රියාකාරි  බ්‍රිටෝ  ප්‍රනාන්දු සහ වැල්වැටිතුරේ හිටපු පුරවැසි කමිටුවේ සභාපති එස්.සෙල්වේන්ද්‍ර ඇතුළු  සිවිල් සංවිධාන නියෝජිතයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.

M.Thayakkiny

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article