Thursday, January 23, 2025

වාතයේ ගුණාත්මක භාවය යළිත් පහතට ! සංවේදී කණ්ඩායම්වලට දැඩි සෞඛ්‍ය බලපෑම් !

Must read

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය අද යළිත් පහත වැටී ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඒ අනුව අද වන විට කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150 ඉක්මවා තිබුණි. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකි අතර ළමුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී කණ්ඩායම් දැඩි සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකි යැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

කෙසේ වෙතත් සති අන්තයේ අඩු මට්ටමක පැවති යාපනය, පුත්තලම, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අනුව වැඩිදියුණු වී ඇත.

ඉන්දියාවේ සිට සුළං සමඟ ගමන් කරන දූෂිත වාතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය පහත වැටී ඇති බව මීට පෙර තහවුරු විය. පසුගිය දින කිහිපය තුළ විශේෂයෙන් වර්ෂාවත් සමඟ කාලගුණික රටාව සමඟ වාතයේ ගුණාත්මක භාවය උච්ඡාවචනය විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article