Tuesday, September 17, 2024

ව්‍යාජ ඡන්ද ප්‍රතිඵල ජවනිකාවලට නීතිය දැඩි වෙයි! – පොලිසිය විමර්ශන අරඹයි

Must read

whatsapp sharing button
messenger sharing button
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවිධ ආයතනවල, පෞද්ගලික උපකාරක පන්තිවල මෙන්ම අහඹු ලෙස මහජනතාව යොදාගෙන ඡන්ද විමසීම්

පවත්වා ඒවායේ ප්‍රතිඵල යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩිවිවල ප්‍රසිද්ධ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය විමර්ශන මෙහෙයුම් ඒකකයක් ඊයේ (02 දා) සිට ආරම්භ කර ඇත.

විවිධ ආයතන මගින් හොර රහසේ මැතිවරණ සමීක්ෂණ පවත්වා ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට ජනාධිපති අපේක්ෂකයන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

පොලිස් මැතිවරණ කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන තිබේ.

සංවිධානාත්මක පිරිසක් විසින් ඇඹිලිපිටිය නගරයේ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා එහි ජනාධිපති අපේක්ෂකයන් කීපදෙනෙකු වෙනුවෙන් මැතිවරණ සමීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක විසින් ඇඹිලිපිටිය පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ඊට අමතරව උපකාර පන්ති කීපයක ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදාගෙන සිදුකළ ඡන්ද විමසීමක ප්‍රතිඵල සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කර ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම ඇතැම් යූටියුබ් කරුවන් විසින් අහඹු ලෙස මහජනතාව තෝරාගෙන ඡන්ද විමසීම් කර ඒවායේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීම් විශාල වශයෙන් සිදුකරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

 

zElection11

 

ඇඹිලිපිටිය ප්‍රදේශයේ අනීතික ව ඡන්දයක් පවත්වන ආකාරයට සැකසූ වීඩියෝවක් සමාජ ජාලවලට යොමුකර තිබීමක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර තිබෙන බවත්, ඒ ගැන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළ බවත් ය.

එමෙන්ම තවදුරටත් සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවද ඔහු පැවසීය.

මේ අතර උපකාරක පන්ති තුළද අනීතිකව ඡන්දය ප්‍රකාශ කිරීම් කටයුතු සිදුවන බවට තොරතුරු වාර්තා වුවත්, මෙතෙක් ඊට අදාළ පැමිණිල්ලක් ලැබී නැති බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඒ සම්බන්ධයෙන් යම්කිසි පැමිණිල්ලක් ලැබී තිබුණොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ඔහු පැවසිය.

ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් කිරීම වරදක් – මැතිවරණ කොමසාරිස් ජනරාල්

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්‍ෂණ, මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

මෙවැනි සමීක්‍ෂණ සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද හෙතෙම කීය.

ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්‍ෂණ පැවැත්වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසිය.

මේ පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article