ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කිරීමට රජයට බලකරමින් විශ්වවිද්‍යාල සිසුන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ 23) පෙරවරුවේ බෙලිඅත්ත බලා දුම්රියකින් ගමන් කර තිබුණි
.බෙලිඅත්ත – තංගල්ල මාර්ගය වසා දමමින් එම ප්‍රදේශයට ඊයේ (23) දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුන අතුර පසුව අරගලකරුවෝ තංගල්ලේදි සිය විරෝධතාවය පවත්වන ලදි
මේ අතර ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව හිිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8 දෙනෙකුට ජනපති සමාව හිමිව තිබේ.
මෙම පිරිස දිගු කලක් තිස්සේ සිරගතව සිටීම විශේෂිතය.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 4ක් නිදහස ලබා තිබේ. එසේම තවත් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු ඉවත් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතය.
එසේම පුනරුත්තාපන කටයුතු අවසන් කළ තවත් සාමාජිකයන් 2ක් නිදහස්වීමට නියමිතය.
දකුණේ අරගලරුවන්ගේ ප්‍රමාණවත් අවධානයකට ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දමිළ සිරකරුවන් පත් නොවිම පසුගිය කාලය තුල ඉතා පැහැදිලි ලෙස පෙනෙන්නට තිබුණි.තමන් නිදහස් කරන්නැයි ඉල්ලා දෙමළ සිරකරුවෝ දින 12 ක උපවාසයක්ද පවත්වන්නට යෙදුණි.
රටපුරා ක්‍රියාත්මක වු දකුණේ අරගලකරුවෝ උද්ඝෝෂණ එකකදිවත් ත්‍රස්ත පණත යටතේ සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ගැන එකදු බැනරයක් හෝ තිබුනේ නැත