වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක තිබු අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලකට වැටී නගරසභා සේවකයින් සිවු දෙනෙකු අද (25) දහවල් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
මෙම සේවකයින් පිරිස අදාළ ගව ඝාතකාගාරයට ගොස් ඇත්තේ එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමටයි.
අදාළ වලෙන් කිසියම් විෂ දුමක් ආග්‍රහණය වීම හේතුවෙන් එක් සේවකයෙකු අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලට පළමුව වැටී ඇති අතර පසුව වලට වැටුණු සේවකයා ගොඩට ගැනීමට උත්සාහ කිරීමේදී දෙවන සේවකයාද වලට වැටී ඇති අතර ඔවුන් ගොඩට ගැනීමට උත්සාහ ගත් අනෙක් සේවකයින් දෙදෙනාද වලට වැටී විෂ දුම ආග්‍රහණය වීමෙන් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කරයි.