Sunday, January 12, 2025

වර්ජනයේ නියතු දුම්රිය රියදුරකුගේ වැටුප ලක්ෂ 3ට වඩා වැඩියි : සදුදා වන විට වර්ජනය අත්නොහැරිය හොත් දැඩි ක්‍රියාමාර්ග

Must read

සදුදා වන විට දුම්රිය වර්ජනය අත්නොහරින්නේ නම් දුම්රිය වෘත්තීය සමිති වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි.ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ(26) බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයෙ පැවැති මාධ්‍ය හමුවක දීය.

RM 01, RM 02 වැටුප් ප්‍රමාණයට වැටුප් වැඩිවීමක් සදහා දුම්රිය වෘත්තීය සමිති විසින් මීට පෙර ඉල්ලීමක් කලබවත් එම ඉල්ලීම කළ අවස්ථාවේ ඉටු කළා නම් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වාර්තාවල විෂමතාවක් ඇති වන බවත් එවිට පන්ලක්ෂ දහනම දහසකට පමණ ඉන් අහිතකර බලපෑම් එල්ලවන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේය.

පසුව වෘත්තීය සමිති වල ඉල්ලීම් සමාලෝචනය සදහා ජනාධිපතිතුමන් විසින් රනුක්ගේ කමිටුව පත්කල බවත් එහි නිර්දේශයන්ට අනුව 2020 ජනවාරි පළමුවැනි දා සිට වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු යොදා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ මල්ලි ජනාධිපති, අයියා අගමැතිවෙලා පවුලේ අයට මේ රට පාලනය කරන්න බලය ලබා ගැනීමේ අරමුණින් මේ වර්ජන මෙහෙයවන බවයි.

මෙම වැඩවර්ජනය සම්බන්දයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෝ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්හෝ ඇමැතිවරුන් වෙත කිසිදු ලිඛිත දැනුම්දීමක් කර නොමැති බවත් වර්ජනය පිලිබදව දැනුම් දී ඇත්තේ මාධ්‍යට බවත් අමාත්‍යවරයා හෙලි කලේය. එමෙන්ම වැඩවර්ජන සදහා සහභාගී වී සිටින රියදුරෙකු අතිකාල දීමනා සමග රුපියල් ලක්ෂ තුන ඉක්මවූ වැටුපක් ලබාගන්නා බවත්, නියාමකවරයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි වැටුපක් ලබාගන්නා බවත්, දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකක වැටුපක් ලබා ගන්නා බවත් හෙලි කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article