Sunday, May 19, 2024

වනජීවී දෙපාර්තමේන්තුව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයන් 130 දෙනෙකුට එරෙහිව නඩු පවරලා

Must read

කරියල්වායල් සුන්ඩිකුලම් ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් 130 දෙනෙකුට එරෙහිව
වනජීවී දෙපාර්තමේන්තුවෙන් නඩුවක් පවරා ඇත.

1908 වර්ෂයේ ආරම්භයේ සිට එම  ජනතාවකරියල්වායල් සුන්ඩිකුලම් ප්‍රෙද්ශයේ  ගොවිතැන් කරමින් ජීවත් වන අතරතුර එම ප්‍රදේශයේ ජනතාව තම ඉඩම් එළිපෙහෙළි කර ඇති අතර, එම ඉඩම තමන්ට අයත් බවට වනජීවී දෙපාර්තමේන්තුව මුලතිව් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

සුන්ඩිකුලම් දේශිකා උද්‍යානය ආක්‍රමණය කිරීම, පැල කැපීම, ඉඩම් එළිපෙහෙළි කිරීම, මංමාවත් තැනීම සහ මංමාවත් භාවිත කිරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව නඩු  පැවරිමට ඇති චෝදනායි.

එම නඩුව අද මුලතිව් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිඥ සී ධනංජයන් මහතා මෙසේ අදහස් දැක්වීය.

”අද වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ සුන්ඩිකුලම් ප්‍රදේශයට යාබද ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් 130කට ආසන්න පිරිසකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

එම නඩුවේදී, ආක්‍රමණිකයින් විසින් ශාක අත්පත් කරගෙන විනාශ කළ බවට චෝදනා කරමින්  නඩුවක් පවරා තිබුණි. එක් පුද්ගලයෙකුට එරෙහිව, සුන්ඩිකුල ප්‍රදේශයේ සිට කිලෝමීටර් හයක් දුරින් සිටින පුද්ගලයින්ට සහ මියගිය පුද්ගලයින්ට එරෙහිව නඩු තුන හතරක් පවරා ඇත.

වනජීවී දෙපාර්තමේන්තුව සහ ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ එය අභයභූමියක්ව පැවති කාලසීමාව  පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිව ව්‍යාජ පරීක්ෂණයක් සිදු කරමිනි.

මුදල් නොමැතිව මෙම නඩුව පදනම් විරහිත තත්ත්වයකට ගෙන ආ විට ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කිරීමේ දේශපාලන අරමුණින් මෙම නඩු පවරා ඇති බව අපි අධිකරණයේ අවධානයට යොමු කළෙමු. වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස ද විනිසුරුවරයා පැමිණිල්ලට නියම කළේය.

 

ෂන්මුගම්  තවසීලන්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article