Monday, January 13, 2025

වනජීවි ඇමති ගමන් ගත් රථය සිදුකල අනතුරෙන් දෙවන මරණයත් වාර්ථා වෙයි ?

Must read

(දෙවණ සංස්කරණය ) වනජීවි අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ගමන් කල සුඛෝපභෝගී ජීප් රථය පසුගියදා අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කල සිවිල් ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වුන අතර පිටුපස ගමන් කල අනෙක් දෙදෙනා ( බිරිඳ සහ දුව ) බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

මේ වන විට බරපතල තත්වයේ පසුවූ  සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බව newstube.lk වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

මේ වන තෙක් සිදුවීම සම්බන්දයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් රියදුරු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින බවද වාර්ථා වෙමින් තිබෙන අතරේ මව්බිම වෙබ් අඩවිය සදහන් කොට තිබුනේ රියදුරු අත්අඩංගුවට ගෙන ජනවාරි 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවය.
කෙසේ වෙතත් අනතුරු සිදුවන අවස්ථාවේදී වනජීවී අමාත්‍යවරයා රථය තුල සිට ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවියද වාර්ථා කර තිබේ.

පාඨලී චම්පික මහතාගේ රථයේ ගැටීමෙන් තරුණයෙකු ආබාධිත තත්වය පත්වමේ සිදුවීමක් සම්බන්දයෙන් පසුගියදා හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා හා ඒ මහතාගේ රියදුරු අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර මේ වන විට වනජීවී අමාත්‍යවරයා ගමන්ගත් රථය හේතූවෙන් සිදුවූ රිය අනතුර හේතුවෙන් දරු පවුලක්ම අසරණ විමේ දැන් බරපතල ඛේදවාචකයකි.
වනජිවි ඇමති අනතුරට ආදාලව නිතිය ක්‍රියාත්මක විමේ පමාව ගැටි ගැසි ඇති දේශපාලනය මේ රටේ අනාගතය ගැන කියා පාන්නේ කුමන් තත්වයක් ඉදිරියේදි නිර්මාණයවිමට නියමිතදැයි කියා නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article