කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.
ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වන පී.රංජන් කුමාර නැමැත්තෙකි.අනතුරෙන් තුවාල ලැබු බිරිඳ සහ දරුවාද බරපතල තත්වයකින් පසුවන බවද සැලය.
අනුරාධපුර දෙසට ධාවනය වු ජිප් රථයේ ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත..
දේශපාලකයන් හා ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ අය විසින් සිදුකරනු ලබන අනතුරු පිලිබදව පුලුල් සමාජ කතිකාවක් පසුගිය කාලය තුල මතුව තිබුණි.
ඒ චම්පික රණවක හිටුප ඇමතිවරයා ගමන් ගත් වාහනයේ හැපි අනතුරක් සිදුව තිබිමද මුල්කොට ගෙනය.
එමෙන්ම ඇමති මහින්දානන්ද අලුත්මගේ පුතා විසින් අධික වේගයෙන් පදවාගෙන ගිය සුපිරි රථයක හැපි පොලිස් නිළධාරියෙකුද ජිවිතක්ෂයට පත්ව තිබුණි,