Saturday, September 21, 2024

වකුගඩු මාරයා මට්ටු කල හැකි ජල පිරිපහදු උපකරණයක් මෙරටට හදුන්වා දෙයි.

Must read

B.R.J.W එන්ටප්‍රයිසස් සමාගම හා  LifeSaver UK යන සමාගම් එක්ව විශේෂිත ජල පිරිපහදු උපකරණයක් මෙරටට හදුන්වා දීමට ඉදිරිපත් වී තිබෙනවා.

සියළුම වර්ගයේ වෛරස්,බැක්ටීරියා මෙන්ම මෙරට හදුනානොගත් වකුගඩු රෝගී තත්වයට හේතු වශයෙන් සොයාගෙන ඇති බැර ලෝහ වන ආසනික් හා කැඩ්මියම් ඉවත් කිරීමේ හැකියාවත් මෙම උපකරණයට පවතින බවයි එම සමාගම පවසන්නේ.ඒ අනුව කෘෂිකර්මාන්තයේදී යොදාගන්නා පොහොර වර්ගවලින් පසට එකතුවෙමින් ශ්‍රීලංකාව පුරා ඇතිවී ඇති පවුල් 20,000ක පුද්ගලයන් 400,000ක් පමණ මේ වන විට ගොදුරු කරගෙන ඇති වකුගඩු රෝගී තත්වයට හේතුකාරකටන් වන ආසනික් හා කැඩ්මියම් යන ලෝහ වර්ග මෙමගින් පෙරී ඉවත් වනු ඇති.

මෙම විශේෂිත ජල පිරිපහදු උපකරණට ඔනෑම ප්‍රභවයකින් ලබාගන්නා ජලය ලීටර 20,000ක් පමණ (නැවත පිරිපහදු කොටසක් සවිකරන තුරු) විදුලිය හෝ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරවම පිරිසිදු කිරීමේ හැකියාව පවතිනවා. මෙම උපකරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයද හිමිවී තිබෙනවා.  සාමාජිකයන් 4 දෙනෙකු සිටින පවුලකට මෙම උපකරණය සාමාන්‍යයෙන් වසර 3ක් පමණ භාවිතා කල හැකිබවයි මෙහි නිෂ්පාදකයන් පවසන්නේ. මෙහි පිරිපහදු හැකියාව අඩු වූ පසු කිරීමට ඇත්තේ නැවතත්නව පිරිපහදු ඒකකයක් සවි කිරීම පමණයි.නැවතත් නව උපකරණයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ.

unnamed-11-1

 

http://biz.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article