පසුගියදා ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ ඉරානය හා මොරොක්කෝව අතර පැවැති තරගයේදී ප්රේක්ෂකාගාරයේ තරගය නරබමින් සිටි ඉරාන ආධාරකරුවන් විසින් ඔසවාගෙන සිටි පුවරු දෙසට කාගේත් අවදානය යොමු විය. එම පුවරු වල සදහන් වූයේ ” Support Iranian Women to attend stadium” ලෙසය.
ඉරානයේ නීතියට අනුව එරට තුල කාන්තාවන්ට ක්රීඩාංගන වලට අතුළු වීම තහනම් අතර එ තහනම සදහා විරෝධය පෑමක් ලෙස මෙම පුවරු ප්රදර්ශනය කිරීම පිරිස කටයුතු යොදා තිබිනි. කෙසේ හෝ එම පිරිසගේ උත්සාහය අගය කරමින් ඔවුන්හට සහය පලකරමින් විශාල පිරිසක් මේ වන විට සාමාජ මාධය හරහා ඔහුන් වෙනුවෙන් අදහස් දැක්වීම ආරම්භ කර ඇති අතර මෙම තහනම් සංශෝධනය කිරීම සදහා ඉරාන පාලනයද අවදානය යොමු කොට ඇති බව වාර්ථා වෙයි.