නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ බව පවසමින් ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා අත්අඩංගුවට පත් ධීවරයන් පිරිස ඉන්දියාවේ ශ්රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් සිට නාවික සැතපුම් 175ක් පමණ දුරින් ඉන්දීය මුහුදෙි මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් ධීවර යාත්‍රා 2ක සිටි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත ඊයේ (12) දිනයේ භාරදී තිබේ.