Friday, September 20, 2024

ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 21ක ඇදිරි නීතිය ලිහිල් වන ලකුණු

Must read

(12.00)

මේ වන විට දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කයන් වල ක්‍රියාත්මක වන ඇදිරි නීති තත්වයට ලබන සතියේ සිට වෙනසක් සිදුවනු ඇති බව වාර්ථා වෙයි. ඒ අනුව මේ වන වට අධි අවදානම් දිස්ත්‍රික්කයන් වශයෙන්ද නම් කර ඇති දිස්ත්‍රික්ක වන මහනුවර හා යාපනය දිස්ත්‍රික්ක ද්විත්වයේද ඇදිරි නීති තත්වය ලබන සතිය තුල යම් ලිහිල් වීමකට ලක්වනු ඇති බව එම වාර්තා වල සදහන් වෙයි. අදාල දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය ලිහිල් කලද කොරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා වන දැඩි කොන්දේසි පැනවෙනු ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් සැලකෙන කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක වල මේ වන විට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය මේ මස අවසන් වනතුරුම ඒ ආකාරවෙන්ම ක්‍රියාත්මක වනුඇති බවද වාර්ථා වෙයි.

මේ වන විට කොරෝනා ව්‍යාප්තියේ අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් හදුනාගනෙ අති දිස්ත්‍රික්ක 6 හරුනකොට අනෙකුත් දිස්ත්‍රික්ක 19 සදහා පනව ඇති ඇදිරි නීතිය අප්‍රේල් 20 වනදා උදෑසන 6 වන තෙක් ක්‍රියාත්මකය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article