ලබන වසරේ සිට පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලයන් සදහා නව පාඨමාලා හදුන්වාදීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හා කොළඹ විශ්ව විද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය පාඨමාලාව හදුන්වා දීමට නියමිතය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් සදහා සිසුන් 100 දෙනෙකු තෝරාගන්නා අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලාව සදහා සිසුන් 50 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.