Friday, September 20, 2024

ලබන මාසයේ විවාහ වීමට සිටි යුවලක් සේර ඇල්ලට ඇද වැටෙයි, තරුණයා අතුරුදන්

Must read

ලබන මස විවාහ වීමට නියමිතව සිටි යුවලක් ඡායාරූප ගැනීම සදහා සේර ඇල්ල අසලට ගිය අවස්ථාවේදී යුවලගේ පය ලිස්සා හදිසියේම සේර ඇල්ලට ඇද වැටීමේ අවසනාවන්ත පුවතක් වාර්ථා වෙයි.
එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් තරුණිය බේරාගෙන ඇති අතර මේ වන තෙක් තරුණයාගේ සිරුර හමුවී නොමැති බවද වාර්ථා වෙයි.

මෙසේ දියේ ගිලී අතුරුදන්ය ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් වන අතර මෙම යුවල සිය දෙමාපියන්ද සමග කුරුණෑගල ප්‍රදේශයේ සිට ලග්ගල රිවස්ටන්, නකල්ස් ආදී ප්‍රදේශවල ඡායාරූප ගත කිරීම් සඳහා පැමිණ තිබේ.මෙම අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් අංශයට දැනුම් දුන් බව ලග්ගල පොලීසිය කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article