Saturday, September 21, 2024

ලන්ඩන් මහල්නිවාසයේ ගින්නෙන් 12ක් මරුට,මරණ සංඛ්‍යාව තවත් වැඩිවන ලකුණු

Must read

ලන්ඩන් නුවර මහල් 24කින් සමන්විත මහල්ගොඩනැගිල්ලක් ගිනිගත් සිදුවීමෙන් මේ වන විට 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව CNN පුවත් සේවය වාර්ථා කරනවා. නමුත් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසියේ කමාන්ඩර් වරයෙකුට අනුව මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූ පිරිසේ සංඛ්‍යාව තවතවත් වැඩිවිය හැකියි.
එම මහල් නිවාස සංකීර්ණයේ මෙම ගින්න ඇතිවී ඇත්තේ  අලුයම 1ට පමණ වන අතර ඒ වන වි සියළුම නිවැසියන් නින්දේ පසුවූ නිසා තත්වය තවත් බරපතල වී ඇති බවයි එරට ගිනි නිවන හමුදාව පවසන්නේ.මේ ගින්න මැඩපැවැත්වීමට හා ගින්නට හසුවූවන් බේරා ගැනීමට ගිලිනිවන හමුදාභටයන් 200ක්,ගිනි නිවන රථ 40ක් හා ගිලන්රථ 20ක් පඹන සේවයට කැදවා තිබූ බවත් වාර්ථා වනවා. මේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දැක්වූ එරට ගිනිනිවන හමුදාවේ ප්‍රධානී ඩැනී කොට්න් පවසන පරිදි ඇයගේ වරස 29ක සේවා කාලය තුල දුටු විශාලම ගින්න මෙයයි.
කෙසේ හෝ මේ සිදුවීමට මුහුණ දුන් පිරිස් හා සිදුවීම ඇසින් දුටුවන් ඉතාමත් සංවේදී ආකාරයෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන වීඩියෝ දර්ශන කිහිපයක් සමාජමාධ්‍ය ජාලා හරහා මේ වන විට පැතිරයමින් පවතින අතර ඒ පිරිස් පවසන් ආකාරයට ගින්නට අසුවූ අඇතැම් පුද්ගලයන් ගින්නෙන් බේරීමෙට මහල් නිවාසයෙන් පහලට පැන ඇති අතර ඇතැම් පුද්ගලයන් තමන්ගේ දරුවන්ට මහල් නිවාසයෙන් එලියට විසිකල ආකාරය දුටුබව පෙන්වා දෙනවා.
ගිනි ගැනීමට පෙර එම මහල් නිවාස සංකීරණය දිස්වූ ආකාරය
ගිනි ගැනීමට පෙර එම මහල් නිවාස සංකීරණය දිස්වූ ආකාරය

_96481295_040046890-1

Grenfell_Tower_fire_(wider_view)

Grenfell_Tower_fire_morning

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article