ලක් සතොස ශාඛාවලින් අද (28) සිට රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 88 ක මිලකට පාරිභෝගිකයින්ට ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත් ඒ අනුව පාලන මිලටත් වඩා අඩු මුදලකට පාරිභෝගිකයින්ට සහල් මිල දී ගත හැකි බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම ලබන සතිය වන විට සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 92 ක මිලකට ලක් සතොස ශාඛාවලින් ලබාගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.