Thursday, January 23, 2025

ලක්පොළොවේ ඉපදුන සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකදෙන්න !

Must read

උතුරු නැගෙනහිර දමිළ ජනතාව එක්ව පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පා ගමනින් ගොස් වර්තමාන රජය වෙත දැක්වූ දින 06ක විරෝධතාවයේදී ඔවුන් විසින් ඉදිරිපත්කළ ඉල්ලිම් සම්බන්ධයෙන් සාහිත්‍යෙව්දීනියක් වන අමුතුර් රහීම් මහත්මිය විසින් ලියන ලද සටහනකි.

එකාධිපති පාලනයක්  අපට අවශ්‍ය නොවේ,
අපට දැන්  අවශ්‍යවන්නේ රට  සංවර්ධනයට පෙර  අපේ උරුමයයි.
පසුව අපි සංවර්ධනය කරගනිමු.
අපට අයිති නිවෙස් , ඉඩම් , යුද්ධයේ අවසානයේදී  ආරක්ෂාව උදෙසා රජයට භාර කළ අපේ
තරුණයන් අපට දෙන්න!
ඉපදුන දා  සිට දිගුකල් ලක් පොළොවේ උරුමයෙන් වාසය කරගෙන එන සියලුම
ජාතීන්ගෙ අයිතිය රැක දෙන්න. තේ වතු කම්කරුවන්ගේ දෛනික
පඩිය රු.1000/- වහාම දෙන්න.
සෑම ජාතීන්, ආගම් වල සංස්කෘතීන් වලට ගරු කරන්න, සූරකින්න!
ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි වන්න එපා!
මුස්ලිම්වරුන්ගේ  කොරෝනා  ජනාසා  (මරණය) පිලිස්සීම වහාම නවත්වන්න!
අපේ අවංක ඉල්ලීම් සිංහල රජයට ඇහුම් කන් දීමට සැලැස්වීමයි අපි කරන්නේ !
ඒ සමග එක්සත් ජාතීන්ගේ ලෝක සංවිධානයේ අවධානයට යොමුකිරීමයි අප මෙයින්
කෙරෙන්නේ.
මෙසේ උතුරු නැගෙනහිර සිවිල් සමාජයේ ජන නැගුම පොතුවිල් දෙසින් පටන්ගෙන අවසන් වූයේ ඒ අතර කන්දසාමි දේවාලයේ උපවාසයේ
යෙදෙමින්ය. ඔවුන්ගේ භක්තියෙන් යුතු හැඟීම් සමඟ සෙල්ලම් කරන්න එපා යනුවෙන්
අවවාදයකූත් කෙරුණා.
සුබ අනාගතයකට මග පෑදේවායැයි පතමි !

අමතුර් රහීම්  කිච්චිලාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article