Friday, September 20, 2024

ලංකා ප්‍රිමියර් ලීග් කල්යයි

Must read

එළඹෙන අගෝස්තු 28 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ Lanka Premier League තරගාවලිය කල් දැමීමට සිදුවූබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඔවුන් මේ බව සදහන කර ඇත්තේ Newswire වෙබ් අඩවිය කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා සදහන් කර ඇත්තේ විදෙස් ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී දින 14ක අනිවාර්ය නි⁣රෝධායන කාලයක් සම්පූර්ණ කල යුතු බැවින් අගෝස්තු අවසන වන විට තරඟාවලිය ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බවයි.ඒඅනුව නොවැම්බර් මාසයේ IPL තරඟාවලිය අවසන් වීමෙන් අනතුරුව LPL තරගාවලිය පැවැත්වීමට හැකිවනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article