Thursday, January 23, 2025

ලංකාවම මීගමුවේ කඩොලාන ගැන කථාකරද්දී , විල්පත්තු නඩුව කල්යයි

Must read

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය ලබන 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ ( 12) තීන්දු කළේය. පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නමදෙනෙක් නම් කරනු ලැබ ඇත.

මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (12) කැඳවූ අතර එහිදී පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය එදිනට කල් තැබිණි.

කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු වනෝද්‍යානයේ අනවසර පදිංචිකිරීම් මුල්කරගනිමින් ගොනු කර ඇති නඩු විභාගයන් දිගින් දිගටම ක්ල යමින් තිබීම, විල්පත්තුව යනු හුදෙක් මැතිවරණ ප්‍රචාරණය සදහා අල්ලාගත් වන විනාශයක් විනා පරිසරයට ආදරය සදහා අල්ලාගත් වනාන්තරයක් නොවන බව ඉතාමත් පැහැදිලිය. මැතිවරණය පෙර දිවිහිමියෙන් විල්පත්තුව රැකි ඇතැම් පිරිස් මේ වන විට විල්පත්තුව යනුවෙන් වනාන්තරයක් ශ්‍රී ලංකාවේ ඇත්දැයි පවා අමතක කර අවසන්ය. ඇතැම් විට තවත් මාසයකින් පමණ සැම දෙනාටම විල්පත්තුව නැවතත් බයිට් එකක් වන්නට ඉඩ ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article