රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව ලබාදීමෙන් පසු තමන්ටද එලෙස සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒත් සමගම වැලිකඩ,අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
ඇතැම් සිරකරුවන් ආහාර ලබාගැනීම ප්රතික්ෂේප කර ඇති අතර වහලය මත සිටින සිරකරුවන් දෙදෙනාට සහය පලකරමින් මරණ දඩුවම ලැබූ සිරකරුවන්ද ඒ සදහා එක්ව ඇති බව වාර්තා වෙයි.