Friday, September 20, 2024

රු.5000 දීමනාව ජුනි මාසයට නැහැ ?

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල්වලට ගෙවනු ලැබූ රු.5000 දීමනාව ජුනි මාසයේදී ගෙවීම දේශාලපන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් ඒ පිළිබදව සලකා බලන ලෙස මැතිවරණ කොමිසම විසින් දන්වා ඇති බැවින් එම දීමනාව ජුනි මාසයේදී නොගෙවීමට කැබිනට් මණ්ඩලයය තීරණය කල බව කැබිනට් ප්‍රකාශයක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රු.5000 දීමනාව ජුනි මාසයේ ගෙවීම සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යවා ඇත්තේ පසුගිය 12 වනදාය.

කෙසේ වෙතත් ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් විභාග වන පෙත්සම් සලකා බැලීමේදී ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article