දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මහින්ද රාජපක්ෂ විද්‍යාල 25ක් පිහිටුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
ඒ මහතාට අනුව මෙරට බොහෝ පැරණි පාසල් අභිබවමින් මහින්ද රාජපක්ෂ විදුහල් වල අධ්‍යාපනය හදාරණ සිසුන් අධ්‍යාපන මට්ටම අතින් ඉහල මට්ටමක පසුවේ. ඒ හේතුවෙන් තවදුරටත් දිස්ත්‍රික්කයන් සදහා මහින්ද රාජපක්ෂ විදුහල් බිහි කිරිමට මෙම රජය කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයාට අනුව ඉදිරියේදී තමන්ගේ දරුවාගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගැනීමට ඔබගේ දරුවා මහින්ද රාජපක්ෂ විද්‍යාලයකට ඇතුලත් කිරීම නුවනට හුරුය. අනෙකුත් පාසල් වල දරුවන් ඒ තරම් අධ්‍යාපනයේ දස්කම් නොපෙන්වනු ඇත.