නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ 2024 වර්ෂයේ අගෝස්තු මාසය තුළ පළාත් ගුරු විභාගය සදහා මුහුණ දී සම්මුඛ පරීක්ෂණය සදහා මුහුණ දුන් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේදී අද දින (27) පැවැත්විණ. මෙහිදි පැමිණි විභාග අපේක්ෂකයින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තම ගැටළු ඉදිරිපත් කළ අතර ඔවුනගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඉදිරි බදවා ගැනීමක් සදහා මෙම ප්‍රතිඵල පදනම් කරගන්නා ලෙසය.
මෙහිදි ආණ්ඩුකාරතුමා පවසා සිටියේ එවැනි ඉල්ලීමක් ඉටු කිරීම සදහා ඔවුන් හට ස්ථීර ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත්, ඒ සදහා ඔවුන්ගේ ඉල්ලීම අදාළ අංශ වෙත ඉදිරිපත් කරන බවත්ය. මෙදිහි මෙම පත්වීම් පිළිබදව පාර්ශව රැසකගේ ආකර්ෂණය පවතින බැවින් සියළු දෙනා හට සධාරණ ආකාරයේ තීන්දුවක් ගන්නා බව පැමිණ සිටි පිරිස අමතා ප්‍රකාශ කරන ලදී. මීට අමතර ව සම්මුඛ පරික්ෂණයට මුහුණ දුන් අයගේ ගැටළු පිළිබද පරික්ෂණය සදහා මේ වන විට පළාත් අධ්‍යාපන ලේකම්තුමා, පළාත් රාජ්‍ය කොමිෂන් සභාවේ ලේකම්තුමා හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකුමිය ඇතුළුත් අභියාචනා කමිටුවක් නම් කර ඇති බැවින් ඔවුනගේ ගැටළු තනි වශයෙන් එම අභියාචනා භාර දෙන ලෙස වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
එල්.දේවාදිරන්