Friday, December 27, 2024

රාවණ බලයෙන් ශ්‍රී ලංකා පොලීසියට දින දෙකක කාලයක් ??

Must read

පසුගිය දිනක රන්ජන් රාමනායක මහතා සිදුකල ප්‍රකාශයක් සම්බන්දයෙන් මේ වන විට ඇතිව ඇති තත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා බොහෝ පුද්ගලයන් රාමනායක මහතාගේ ප්‍රකාශය සාධාරණ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු සහිතවම ඔප්පු කරමින් සිටියි.

රටතුල රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්දයෙන් ප්‍රතිචාර එසේ තිබියදී සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි, සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ ප්‍රඤ්ඤාලෝක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට වැඩම කර සදහන් කර සිටියේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව විමර්ශණයක් දින දෙකක් ඇතුලත ආරම්භ විය යුතු බව පොලීසියට දැන්වීම සදහාය. එසේ නොවන්නේ නම් ,රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිල නිවසට,සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට  හා පොලිස් මූලස්ථානයට පැමිණ උද්ඝෝෂණය කරන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.

එම අවස්ථාවේ රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්දයෙන් අනිවාර්යයෙන් විමර්ශණ ආරම්භ කරන බවටයි.

මෙම සිදුවීම සම්බන්දයෙන් පසුගියදා අගමැතිතුමන් වෙත කරුණු දැක්වීම සදහා කැදවා සිටි රන්ජන් රාමනායක මහතා අගමැතිතුමන් හමුවීමෙන් අනතුරුව සදහන් කර සිටියේ මෙම සිදුවීම සම්බන්දයෙන් හා තමන් සිදුකල ප්‍රකාශය සම්බන්දයෙන් වන සියළු කරුණු තමන් සතුව පවතින බවත් ත්‍රෙයිනිකායික සංඝරත්නය විසින් තමන්හට උන්වහන්සේලාගෙන් සමාව ගැනීමට යැයි ඉල්ලා සිටින්නේ නම් සමාව ගැනීමට සූදානම් බවත් කිසිම අවස්ථාවක මැරයෙන් ලෙස හැසිරෙන චීවරධාරීන්ගෙන් සමාව ගැනීමට තමන් සූදානම් නැති බවයි.

ඡායාරූප – අද
ඡායාරූප – අද

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article