Friday, September 20, 2024

රසායනික ද්‍රව්‍ය හිඟ වීමෙන් රෝහල් කිහිපයක පරීක්ෂණ කටයුතු අඩාලයි

Must read

රුධිර පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල්වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රුධිර පරීක්ෂණ කටයුතු ඇනහිට ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී.

එමෙන්ම රුධිර පාරවිලයන කටයුතු වලදී රුධිරයේ HIV වෛරසය තිබේදැයි ලරික්ෂා කිරීම සදහා භාවිතා කරන ” එලයිසා” නම් රසායනික ද්‍රව්‍යද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව ඇත්තේ තවත් සතියක කාලයක් සඳහා ප්‍රමාණවත් වන පරිදි පමණක් බව පසුගියදා අනාවරණය විය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article