Monday, December 23, 2024

රවිකරන් සහ මයුරන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මුලතිව් නගරයේ උද්ඝෝෂණ

Must read

 

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිනරාසා මයුරන්  යන දෙදෙනාව මුලතිව් පොලිසිය විසින් පසුගිය 21 වනදා  අත්අඩංගුවට ගන්නා ලදී.

මුලතිව් – තන්නිමුරුප්පු සහ කුරුඳුර්මලේ අවට දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර 632ක් පවරා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දරන උත්සාහයට විරෝධය පළ කරමින් 2022.09.21 වන දින කුරුඳුර්මලේ නගරයේ දී  තන්නිමුරුප්පු සහ කුරුඳුර්මලේ ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇත.

මෙම විරෝධතාවයෙන් පසු  මුලතිව් පොලීසිය විසින් මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිනරාසා මයුරන්  යන දෙදෙනාව අත්අඩංගුවට ගන්නා ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ  රාජකාරියට බාධා කළ බවටත් තර්ජනය කළ බවටත්  යන චෝදනා පදනම් කරගනිමිනි.

මුලතිව්  දිස්ත්‍රික්කයේ මහජන දේශපාලන නියෝජිතයන් සහ කුරුඳුර් කඳුකරයේ තවත් බොහෝ පිරිසක් ඊයේ (21) දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article