Thursday, January 23, 2025

රනිල්ගේ මංගල අයවැයෙන් ආරක්ෂාවට වියදම් අඩුකරයි ! ,සමාජ ආරක්ෂණයට,සහ සෞඛ්‍යයට වැඩිකරයි !

Must read

නිදහස් ශ්‍රී ලංකාවේ 77 වන අයවැය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන අතර මෙරට දේශපාලන ඉතිහාසය සැලකීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හා ජනාධිපතිවරයා ලෙස වර්ෂයක් සඳහා ඉදිරිපත් කරන මංගල අයවැයද මෙය විම විශේෂත්වයකි

2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ලබන වසර සඳහා රජය වියදම් කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 7,885ක් වන අතර ඉන් සියයට 53ක්ම ණය සහ පොලී වාරික වියදම් වේ.

2023 වසර සඳහා මෙවර රජය වියදම් කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 7,885ක් වන අතර ඉන් රුපියල් බිලියන 4218ක්ම ණය සහ පොලී වාරික වියදම් වේ.

පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය රුපියල් බිලියන 2,442කි.

ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට කෙරෙන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 1,225කි.

සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක්, අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක්, සෞඛ්‍යය සඳහා රුපියල් බිලියන 432ක් හා ජාතික ආරක්ෂාව සඳහා රු.බිලියන 410ක් වශයෙන් මෙවර මූලික වියදම් දැක්වේ.

යුද්ධයක් නොමැති පසුබිමකදි පවා නොකඩවා ආරක්ෂාව වෙනුවෙන් වැයකරන්නට වෙන් කරන ලද මුදල් වැඩිකරමින් තිබුන පසුබිමක මෙවර අයවැය සාමාජ ආරක්ෂාව තහහුරු කිරිම වැඩි අවධානයක් යොමුකර ඇති බව පෙනේ

මුලාශ්‍රය -අද දෙරණ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article