Friday, September 20, 2024

රටේ වැඩ කරන්න සුලුතර ආණ්ඩුවට බහුතර බලය දෙන්න – නිමල් ලංසා කියයි

Must read

වත්මන් රජයට පාර්ලිමේන්තුවේ පවතින්නේ සුලුතර බලයක් බැවින් රටේ වැඩ කටයුතු කර ගැනීමට නොහැකි බව පවසමින් ඉදිරි මහ මැතිවරණයේදී සුළුතර ආණ්ඩුව බහුතර ආණ්ඩුවක් බවට පත්කර ගැනීම සඳහා මහමැතිවරණයේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු එහිදී තවදුරටත් පවසන්නේ පසුගිය ආණ්ඩුවේදී හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අතර බල අරගල රාශියක් සිදුවූවා මිස රට සංවර්ධනය කරා ගෙන යාමට නොහැකි වූ බවත් වත්මන් රජයේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සහෝදරයින් වීම හේතුවෙන් මනා අවබෝධයකින් යුතුව ව්‍යවස්ථා බල අරගලයකින් තොරව රට ඉදිරියට ගෙන යමින් සිටින බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට නිම්ල ලංසා මහතා ගම්පහ දිස්ත්‍රික්කයේම ජනතාවගේ ප්‍රතික්ෂේප වෙමින් පවින දේශපාලන චරිතයක් වන අතර ඒ මහතාගේ ෆේස්බුක් පිටුව පරික්ෂා කරන්නෙකුට ඒ බව පැහැදිව දැකගත හැකිය. එමෙන්ම ඒ මහතා ඉල්ලා සිටින ආකාරයට වත්මන් රජයට බහුතර බලය අවශය වන්නේ ජනතාවට සේවය කිරීමටය. නමුත් පසුගිය දිනවල නැවතත් සුපුරුදු ලෙස මෙරට වටිනාම ඉඩම් වෙදෙස් රටවල් හා සමාගම් වෙත බදු දීමට වත්මන් රජයට බහුතර බලයක් අවශ්‍ය වූයේ තැන. මේ වන විට වත්මන් රජය බලයට පත්වී පළමු මාස තුන තුලදීම දැඩි අර්බුදයකට යමින් සිටීමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article