Saturday, September 21, 2024

රටින් පැනයාමේ ප්‍රවනතාවය වැඩිවෙයි – නැගෙනහිරදී තවත් පිරිසක් අත්අඩංගුවට

Must read

නීතිවිරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 54 දෙනෙකුව නාවුක හමුදාව විසින් 03 වනදා අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය නාවික හමුදාව විසින් ජමාලියා මුහුදේදී නීතිවිරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 03 වනදා අළුයම  නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකර  ඇති බවයි වාර්තා වන්නේ.මොවුන් අතර නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්  6 දෙනෙකු ඇතුළු පිරිමි 41 දෙනෙකු, කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා ළමුන් 3 දෙනෙකු සිටින බව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 5 ත් 56 ත් අතර වයස්වල පසුවන ඔවුන් දැනට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවා සිටින බව ද ඔහු සඳහන් කළේය. එය අද (03) සවස ත්‍රිකුණාමලය වරාය පොලිසියට භාර දී ඇත.
මීට අමතරව, පසුගිය ජුනි 02  දින උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මාරවිල ප්‍රදේශයේදි මේ අකාරයට ඕස්ට්‍රෙලියා යාමට සූදානම්ව හෝටලයක ලැගුම්ගෙන සිටියදී  පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. රටේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ මේ අකාරයට නීති විරෝධී ආකාරයට හෝ රටින් පැනයාමට පුද්ගලයන් පෙළඹී සිටිති. නමුත් ඔවුන් අවාසනාවන්ත ලෙස නීතිවිරෝධී මංකොල්ලකරුවන්ගේ රැවටිලිබස් වලට උගුල් වලට හසුවෙති. මේ සම්බන්ධව දැනුවත්ව සිටින ලෙස නාවුක හමුදාවෙන් සිවිල් වැසියන්ට අවවාද කර තිබේ.

 

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article