රෝගින් ගේ ජිවිත බිල්ලට දෙමින් නිරන්තයෙන්ම වැඩ වර්ජන කරන්නට කටයුතු කරන ලද රජයේ වෛද්‍ය නිළධාරි්න්ගේ සංගමය කාගේ බළල් අතක්දැයි දැන් ඉතා හොදින් පැහැදිලි වෙමින් තිබේ.
ඔවුන් පසුගියදා ප්‍රකාශ කර තිබුනේ වෛද්‍ය සභාවේ ප්රජාතන්ත්රවාදය නැතිකළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මහ පාරට වැටී, ප්රජාතන්ත්රවාදය ඉල්ලා ඉටි පන්දම් පත්තු කරන තත්ත්වයට වැටී තිබෙන බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අගමැති සිහින දකිමින් සිටි, සෞඛ්‍යයට වැඩනොකළ සෞඛ්‍ය අමාත්‍යවරයා ආසනයත් පරාජයට පත් වූ බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය..එහෙත් සෞඛ්‍යයට සේවයකළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රටේ ජනාධිපතිවරයා බවටද පත්වූ බව අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පක්ෂ පාට භේදයකින් තොරව ඇමති රාජිත විසින් සිදුකරන්නට යෙදුන සෞඛ්‍ය ක්ෂේත්රයේ විප්ලවිය වෙනස ඉහලින්ම ඇගයුමට ලක්වෙමින් තිබේ.
ඖෂධ මිළ අඩුකිරිම සදහා ඉතා ඉහල අගයක පැවැති හෘදි රෝගින් වෙනුවෙන් ස්ටෙන්ට් මිළ අදැහිය නොහැකි මිළට අඩුකර තිබුණි.එපමණක් නොව වෛද්‍ය සේනක බිබිලේ ගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමට ක්‍රියාත්මක වු සෛෟඛ්‍ය ඇමතිවරයා ලෙසින්ද ඔහු දෙස් විදෙස් අභිමනට පත්ව තිබේ.
තතු එසේව තිබියදි රෝගි ජිවිත බිල්ලට දෙමින් වර්ජන සංදර්ශණ නිතිපතා කරළිගෙන අවේ තමන්ගේ සෑබෑ හාම්පුතාවට බලයට ගෙනඒමටය. එය හොරපාරෙන් වුවද කම් නැතැයි කියමින් දැන් උදම් අනමින් සිටිති .