Saturday, March 7, 2026

රජයේ රෝහල් බොහොමයක් ශල්‍ය උපකරණ හිඟයක් ?

Must read

රජයේ රෝහල් බොහෝමයක, රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ හා අනෙකුත් මෙවලම් නොමැති යැයි පවසමින් ඒවා පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීමට රෝගීන් යොමු කිරීම දැන් සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති බව සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙම තත්වය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නීති විරෝධී ලෙස ශල්‍ය උපකරණ ආනයනය කර විකිණීමේ ජාවාරමකට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක මෑතකදී අත්අඩංගුවට ගැනීම පුදුමයක් නොවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

දිගින් දිගටම සිදුවෙන මෙම සිදුවීම සෞඛ්‍ය පද්ධතියේ විශාල ගැටලුවක් පෙන්නුම් කරන බවත්, එහිදී රෝගීන්ට රෝහල් විසින් ලබා දිය යුතු වෛද්‍ය උපකරණ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. උදාහරණයක් වශයෙන් පෞද්ගලික ඖෂධ සමාගම්වලින් කෘතිම දණහිස් උපකරණ මිලදී ගැනීම සඳහා රෝගීන්ට රු. 350,000 කට වඩා ගෙවීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. එම මුදල ගෙවීමෙන් පසු, සමාගමේ කාර්ය මණ්ඩලය විසින් සැත්කම සඳහා උපකරණ ශල්‍යාගාරයටම ගෙන එනබවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මාස කිහිපයක් තිස්සේ ප්‍රමාණවක් පරිදි ශල්‍ය උපකරණ රෝහල් වෙත ලබා නොදීම සම්බන්දයෙන් වෛද්‍ය සැපයුම් අංශය දෝෂාරෝපනයට ලක් කල ඒ මහතා,සෞඛ්‍ය අමාත්‍යාංශය සිය අයවැය කළමනාකරණය කිරීමට සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා නිසි ලෙස සැපයීමට අපොහොසත් වී ඇති බවද පැවසීය.

මේ හේතූන් මත ඖෂධ සමාගම් වලට රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය මේ ආකාරයෙන් අනිසි ලෙස භාවිතා කිරීමට රජය ඉඩ නොදිය යුතු බවත් මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කල යුතු බවත් පෙන්වා දුන්නේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article