Thursday, January 30, 2025

යුද සමයේදී මරාදැමූ මාධ්‍යවේදි සුගීර්තරාජන් සැම⁣රේ !

Must read

යුද්ධයේදී මියගිය මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් සුගීර්තරාජන් සමරා  උපහාර වැඩසටහන් ඔහු ජීවත්වු නගරය වන ත්‍රිකුණාමලයේදී සිදුවය. 2025 ජනවාරි 24 වනදා , මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ  19 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ ඕසිල්  උද්‍යානයේදී ප.ව. 2.30 ට සමරනු ලැබීය.

නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය, ත්‍රිකුණාමල මාධ්‍යවේදීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සහ අහම් මානුෂීය සම්පත් මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද මෙම උත්සවයට උතුරු හා නැගෙනහිර පළාත්වල මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූ අතර සුගීර්තරාජන්ගේ ආත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කළහ. සමරු වැඩසටහනෙන් අනතරුව රජයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධයක් පැවති අතර සුගීර්තරාජන් ඇතුළු යුද්ධයේදී මරාදැමූ මාධ්‍ය වේදින්ට යුක්තිය ඉල්ලා ලියන ලද ලියවිල්ලක් ලේකම්වරයාට බාරදෙන ලදී.

2006 ජනවාරි 2 වන දින ත්‍රිකුණාමල වෙරළ තීරයේ විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීම ඔහු මහජනතාවට හෙළි කළේය. මේ හේතුව නිසා ඔහු ඉලක්ක කර ගැනීමට හේතු විය. මෙම තත්ත්වය තුළ, 2006.01.24 වන දින, උදෑසන රැකියාවට යාමට බස් රථයක් එනතුරු බලා සිටියදී, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේදී ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article