Friday, September 20, 2024

යුද්ධයෙන් පසු කල්කුඩාහි සිරි සීලාලංකාර පිරිවෙන නැවත ආරම්භ කරයි

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ  කල්මුණේ – පුන්නකුඩා  හි පිහිටි සිරි ශ්‍රිලාලංකාර පිරිවෙන වසර 30 ට පසු නැවත විවෘත කරන ලදී.  මෙම අවස්ථාව උත්සවශ්‍රීෙයන් ආරම්භ වූ අතර  ප්‍රධාන අමුත්තා ලෙස නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය සහභාගී විය.මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ධම්මිකා ජයරත්න, සමස්ත ලංකා බෞද්ධ කවුන්සිලයේ සභාපති ජගත් සුමතිපාල, බෞද්ධ පූජකවරු, යුද හමුදා උසස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
වසර 30 පැවති යුද්ධය හේතුවෙන් මෙම ප්‍රෙද්ශයේ ජනයා අවතැන්වී සිටි අතර මෙම පාසල එම කාලය පුරාම අක්‍රිය වී තිබුණි. ආරම්භ කරන ලද පිරිවෙන් පාසලේ දි පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි විෂයන් පිළිබද විශේෂ අධ්‍යාපනයක් ලබාදෙනු ලබයි.  මේ වනවිට ළමුන් 17 ක් පිරිවෙනට බඳවා ගෙන තිබේ. මේ වනවිට මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලැබීමට පුනානෙයි, පුන්නකුඩා සහ වලෙයිවාඩි යන  ප්‍රදේශවලින් සිසුන් 17 දෙනෙකු බඳවා ගන්නා ලදී.

 

රුද්‍රන් – මඩකලපුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article