Friday, September 20, 2024

යුද්ධයට පසුත් සංවර්ධනය නොවූ මාවත්

Must read



මුලතිව් දිස්ත්‍රික්කයේ කරිදුරෙයිපත්රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉරට්ටවයික්කාල් හන්දියේ සිට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ගය දක්වා වූ කිලෝමීටර් 13ක මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස මහජනතාව ඉල්ලා සිටිති.

ඉරට්ටවයික්කාල් හන්දියේ සිට අයත් මාර්ගය දක්වා කිලෝමීටර් 13ක මාර්ගය දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන සාමාන්‍ය ජනතාව, ගොවීන්, ධීවරයින් සහ පාසල් සිසුන් දැඩි පීඩාවට පත්ව සිටිති.

මාතලන්, අම්බලවන්පොක්කනයි, වලයිඤ්ඤර්මඩම් ඇතුළු ගම්මානවල ජීවත්වන පවුල් 400ක් පමණ පමණක් නොව කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා වීදිය භාවිත කරන පාසල් ළමුන් බොහෝෝ අපහසුතාවයන් රැසකට මුහුණ දෙති.

මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීමත් , මෙම මාර්ගයේ බස් රථ ධාවනය නොවීම හේතුවෙන් මුලතිව් වෙත සිය පරිපාලන කටයුතු සඳහා යාමට සිදුවන ප්‍රදේශවාසී ජනතාව විවිධ අපහසුතාවන්ට මුහුණ පා සිටිති.

එවැනි තත්ත්වයක් තුළ අදාළ මාර්ගය විශාල ගැටීමක් ලෙස පෙනෙන අතර වර්ෂා කාලයට එම මාර්ගය භාවිත කිරීමට නොහැකිව ජලයෙන් යට වේ. යුද්ධයට පෙර මෙන්ම පසුවද එම මාර්ගය ගමන් කළ නොහැකි තත්ත්වයක පවතියි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article