යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීම හෙට (17) උදෑසන 10.00 ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුනගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතය.
මේ වන විට AL 320 , AL 321 වර්ගවල ගුවන්යානා හැසිරවීමේ හැකියාව පලාලි ගුවන්තොටුපල සතුව පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
අදියර තුනක් යටතේ ඉදිකිරීමට නියමිත ගුවන්තොටුපල සදහා රුපියල් මිලියන 2250ක වියදමක් දැරීමට නියමිතය.