Tuesday, November 5, 2024

යක්කල පොල ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට

Must read

යක්කල පොල ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනා හා රථයේ රියදුරු රෝහල් ගත කර ඇති බව වාර්ථා වෙයි. රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. 13 හා 20 හැවිරිදි දියණියන් දෙදෙනා මේවන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ යක්කල,කිනිගම ප්‍රදේශයේ පදිංචි 43 හා 40 වයස් වල පසුවන අඹුසැමි යුවලකි. මෙම යුවල හා දරු දෙදෙනා බදුල්ලේ සිට බස් රථයකින් පැමිණ යක්කලින් බැස ඥාතියෙකුගේ මෝටර්රථයකින් සිය නවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර රථයේ රියදුරු බීමත්ව සිට ඇති බව අනාවරණය වී ඇත. රථය මාර්ගයේ තිබූ විදුලි කණුවක වැදී ඇති අතර අනතුරින් රථය දෙකඩ වී ඇත.

 

Photo – lankadeepa
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article