මේ වන විට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සමගි ජන බලවේගයට මේ වන විට ලකුණ සම්බන්දයෙන් විශාල අර්බුදයක් මතුව ඇති බවත්කි, කිනම් ලකුණකින් තරග කරත් එජාපය ප්රමුඛ සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ආසන 50කටත් අඩු ගණනකට බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ අස්ථාවර දේශපාලන පක්ෂයක් මැතිවරණයකට තරග කිරිමෙන් අත්වන ඉරණම බොහෝම පැහැදිලි බවය.