Friday, January 24, 2025

මෛත්‍රීත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

Must read

චැනල් ෆෝ නාළිකාව විසින් පැහැදිලි කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් මගින් දැනුම්දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව ada.lkවෙබ් අඩවිය වාර්තා කර තිබේ

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ්‍ මූලස්ථානයේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සඳහන් කර තිබුණි

“අවුරුදු හතරක් මාවනේ කෑවේ. මාව තමයි ඉවර කෙරුවේ  චැනල් ෆෝ එකෙන් පැහැදිලි වෙනවා මොකක්ද වුණේ කියලා.  ලංකාවේ කවුරුවත් පරීක්‍ෂා කරලා නිවැරදි සත්‍ය තොරතුරු එන්නේ නැහැ සහරාගේ ෆෝන් එකේ මදර් බොඩ් එකත් අරන් ගියා යු.එස්. එකේ බුද්ධි අංශය එක නිසා මේ පිළිබඳ ජත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි. මේක යට ගහන්නේ නැතුව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියලා තියෙනවා චැනල් ෆෝ එක ගැන පරීක්‍ෂණයක් අවශ්‍යයි කියලා. ඒ නිසා මම තව දවස් තුන හතරකින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයාට ලිපියක් බාර දෙනවා අදාළ පරීක්‍ෂණය සිදුකරන්න කියලා” යනුවෙන් පවසා ඇතැයි යනුවෙන්  ada.lk වෙබ් අඩවියේ වැඩිදුරටත් වර්තා වේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article