Sunday, June 15, 2025

මේ ලෝකේ ගොඩාක් ක්‍රිඩකයන්ගෙ ජීවිත වලින් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා.

Must read

මේ ලෝකේ ගොඩාක් ක්‍රිඩකයන්ගෙ ජීවිත වලින් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා…💯

Temba Bavuma දකුණු අප්‍රිකාවේ නායකත්වයට පත්වීමෙන් පස්සෙ පුදුම විදියට Bully උන කෙනෙක්.ඔහුගෙ පෙනුම, උස, මුහුණ විතරක් නෙමෙයි ඔහු පැවතගෙන එන පවුල් පසුබිම පවා පදනම් කරගෙන ඔහුව සමාජ මාධ්‍යය තුල Bully වෙනවා.ඔහුව Meme එකක් බවට පත්කරනවා.හැකි සෑම අයුරෙන්ම උපහාසයට, අපහාසයට ලක් කරනවා…🥺

නමුත් මේ විශිෂ්ට ක්‍රීඩකයා මේ කිසිම දේකෙන් වැටෙන්නෙ නෑ වගේම, තමාට ඉතාම නරක විදියට සලකන ලෝකයට සෑමවිටම යහපත පමනක්ම ලබාදෙනවා…❤️‍🩹

ලෝකයේ අපහාස මැද ඔහු සිය වැටුපෙන් ඒඩ්ස් ආසාධිත දරුවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආධාර ලබාදෙනවා.ඔහු පැවත ගෙන එන දකුණ අප්‍රිකාවේ ඉතාම දුගී දුප්පත් Langa ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙනවා…❤

අද මේ අඩි 5 යි අගල් 3ක් උස හුරුබුහුටි ක්‍රීඩකයා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේදුණු දේශයට ලෝක කුසලානයක පහස ලබාදෙනවා… 🇿🇦🏆

අද Temba Bavuma පුරාවෘත්තයක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා. හෙට සිට දේදුණු දේශයේ Capetown, Johannesburg සිට Limpopo, Kwazulu දක්වා සුදු කළු සියළු අප්‍රිකානුවන්ගේ වීරයා වන්නේ Bavuma ❤

මේ සමාජ මාධ්‍ය යුගය තුල ඔබ මොන දේ කලත් ඔබ වෙනුවෙන් කුමන හෝ ආකාරයක ගලකින් ගසා ඔබව පහත හෙලීමට ඇති තරම් මිනිසුන් සිටිනවා.නමුත් ඔබ කල යුත්තේ පිටත සමාජයේ Noises, Chaos තුල නොගැටී ඔබේ අරමුණ ,වෙනුවෙන් වෙහෙස වීමයි…💪

ලෝකයා ඔබට කෙසේ සැලකුවත්, හේතුවක් නොමැතිව උවද ලෝකයට යහපතම ලබාදෙන්න…🙏

මේ විශිෂ්ට ක්‍රිඩාකයාගෙන් අප උගත යුත්තේ එයයි.✍️

⁣(ෆේස්බුක් පිටුවකිනි)

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article